ජොබ් ඉන්ටර්වීව් එක



ඔන්න ඇම්ඩටයි සෝමරත්නටයි ජොබකට යන්න ඉන්ටවීව් එකක් සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ ඉන්ටවීව් එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල අනික ඇම්ඩට සුද්ද සිංහල හොදට පුළුවන් උණාට කඩ්ඩ අවුල් . ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල ඉන්ටවීව් එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න මට කියාපන් කියල.


කොහොමහරි සෝමරත්න ඉන්ටර්වීව් එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.(හරි හරි උබලටත් ඉංගිරීසි බැ කියලා මම දන්නවා ඒ නිසා ප්‍රශ්න ටික සිංහලෙන් දාන්නම්කෝ)





1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද? .

මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.

2) ඔබ කැමතිම පුද්ගලයා කවුද?.

මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.

3) ලංකාව අසමත් රාජ්‍යක් ද ?.

මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.


ඉතින් ඇම්ඩා ඒ උත්තර සේරම කටපාඩම් ඉන්ටවීව් රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම අවුල්ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන සයිස් එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.



ඔන්න ඉන්ටවීව් එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.


බොසා - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා?.(ඉංගිරිසියෙන්)

ඇම්ඩා -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948 (ඉංගිරිසියෙන්)


බොසා - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.(ඉංගිරිසියෙන්)

ඇම්ඩා - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.(ඉංගිරිසියෙන්)


බොසා - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?(ඉංගිරිසියෙන්)

ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.(ඉංගිරිසියෙන්)

හොදම ඒවා