යාළුවාගේ මගුල

මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට  ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..

ඉතින් සොමරත්න හොද කපුවෙක්ව හොයන් ගැලපෙන තැනකින් හොද කටයුත්තක් බැළුවා.. ගැලපෙන තැනක් කිව්වට මුලින්ම සෙට් උනේ සෝමෙට වඩා ටිකක් පොහොසත් පවුලක්.. කොහොම හරි සෝමයත් ගේම ගහගන්න ඕනි කියලා හිතන් කපුවට ඒ ගැන කතාකරගන්න දවසක් දාලා දෙන්න කිව්වා.. කපුවත් ඉතින් ඒ පැත්තත් එක්ක කතා කරලා දවසක් වෙන් කරගෙන සෝමයව දැනුවත් කලා...

මේ වෙද්දි සෝමයාගේ අම්මා තාත්තා ජිවතුන් අතර නැ.. ඉතින් පොඩි කාලේ ඉදන් තමුන් එක්ක හිටපු යාළුවාව ගමනට එක්කන් යන්න සෝමේ තීරණය කලා (ඔව් ඔව් ඇම්ඩා කමයි).. කොහොම හරි එතනට යන්න කලින් ඇම්ඩට ඒ මනමාලිගේ ගෙදර කතා කරන්න ඕන විදිහ ගැන සෝමයා පොඩි ලෙක්චර් එකක් දුන්නා..

සෝමේ - මචං අපි දැන් ඔය මගුල බලන්න යන තැන උණ් හරිම පෝසත් කට්ටියක්.. ඉතින් අපි සෙකන්ඩ් නොවී උන්ට ටෝක් එක දෙන්න ඕනි.. කොහොමත් උන් කතාව පටන් අරන් ටික වෙලාවකින් දේපල ගැන එහෙම කතා කරන්න එයි.. ඒ වෙලාවට මම මට පොඩි පොල් වත්තක් තියෙනවා කියලා කියනවා

ඇම්ඩා - ඇ යකෝ උබට කොහෙන්ද පොල්වතු.. අර ලැලි ගෙදර ඉන්න උබට කොහෙ පොල්වතුද බං

සොමේ - ඇයි යකෝ ඒ ගෙදර තියෙන ඉඩමේ පොල් ගස් හතරක් පහක් තියෙන්නේ.. ඉතින් ඒක පොල් වත්තක් නේ.. ඒක නෙමෙයි කතාව අහපන්කෝ.. මම එහෙම කිව්වාම උබ කියපන්  හොද පොඩි පොල්වත්ත මාසෙකට ලක්සගානක පොල් කඩලා විකුණන වත්තක් මෙයාට තියෙන්නේ කියලා..ඒවගේ මම පොඩි පොඩි කියන දේවල් උබ ලොකු කරලා කියපන් තේරුනානේ

ඇම්ඩා - අනේ මන්දා ඉතින් බොරු කියලා පුරුද්දකුත් නැ.. කමක් නැ ඉතින් උබේ හොදටනේ.. මං ලෙසට වැඩේ කරන්නම්

ඔන්න ඉතින් පහුවදා උදෙන්ම දෙන්නා පිටත් උනා අර ගැණුලමයව බලන්න.. ගිහින් ගෙදර කට්ටියත් එක්ක කතාබහ කර කර ඉද්දි ඉඩම් දේපල ගැන කතාවට බැස්සා..

මනමාලිගේ තාත්තා - ඉතින් සොමරත්න පුතාට ඉඩම් කඩම් එහෙම හොදට තියෙනවද?

සෝමේ - ඔව් ඉතින්, පොඩි පොල් වත්තක් නම් තියෙනවා

ඇම්ඩා - හොද පොඩි.. මාසෙට ලක්ස ගනන් හොයන මහ විසාල පොල්වත්තක් මෙයාට තියෙන්නේ..

මනමාලිගේ තාත්තා - ආ එහෙමද (මේ සමගම සෝමරත්නට පොඩි කැස්සක් ආවා)
පුතාට කැස්සක් ආවා නේද?

සෝමේ - ඔව් මාමේ මේ පොඩි කැස්සක් ( ඒ එක්කම ඇම්ඩා)

ඇම්ඩා - හොද පොඩි කැස්ස.. මෙයාට පොඩි කාලේ ඉදන් කාසේ.. මාස ගානක් ඉස්පිරිතාලේ ඉදලා මේ ආවේ.

එතනින්ම මගුලත් ඉවර උනා..


හොදම ඒවා