බස් ඩ්‍රයිවර්

මේ සිද්ධිය උනේ ඇම්ඩා පොඩි කාලේ ස්කෝලේ ගිහින් එනකොට. එතකොට පොරට වයස අවු 5 ක් විතර ඇති.


ඒ දවස් වල ඇම්ඩා හෙන ආසයි ලු බස් ඩ්‍රයිවර් ගාව යන් ඔන්න අදත් පොර බස් ඩ්‍රයිවර් ලගට ගියාලු ටික වෙලාවකින් පොර මෙහෙම කියවන්න පටං ගත්තලු

“ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”

“අපේ අම්ම කිකිලියක් වෙලා, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනව.”


මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා. මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න.”

ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ. මූ ආයෙත් කියවන්න ගත්තා


“අපේ අම්මා ඇතින්නක් වෙලා, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා.”

දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා. මූ කියන දේ අහන්නෙම නැහැනේ. “මේ වදයක් වෙන්න එපා ලමයෝ'”


“අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා.”

දැන් ඩ්‍රයිවරයට මුගේ කතා අහලා ඇති වෙලා.


ඩ්‍රවරයට පහල උනා අදහසක්.


“හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන.”


ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ.


“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා. තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද.?”


ඇම්ඩ එසැනින් කිව්වලු…..”අයියෝ අංකල් ඔයා වගේ බස් ඩ්‍රයිවර් කෙනෙක් නේ”

හොදම ඒවා