ආණ්ඩු පක්ෂය හා විපක්ෂය

ඔන්න දවසක් ඇම්ඩාගේ පවුල අය රෑ ටීවී එකේ කථාවක් බලනවා. එක සැරේම ඇම්ඩගේ අම්මා තාත්තට බනින්න පටන් ගත්තා ඒ අස්සෙ ඇම්ඩගේ අයියයි අක්කයි තාත්තගෙන් අරවා මේවා ඉල්ලන්නත් පටං ගත්තා. ගෙදර අයගෙ සද්දෙට ඇම්ඩාට කථාව බලන්නත් නෑ. ටික වෙලාවක් ගියාට පස්සේ කට්ටියම නිදිය ගන්න යනකොට ඇම්ඩගේ තාත්තා ඇම්ඩාට මෙහෙම කියනවා

" ඇම්ඩෝ උබේ අම්මා හරියට විපක්ෂෙ වගේ මම ආණ්ඩපක්ෂෙ වගේ මොනව කලත් මටමයි බනින්නේ. ඒ මදිවට උබේ අක්කයි අයියයි නිකන් වෘත්තීය සමිති වගේ මගෙන් තමා හැම මගුලම ඉල්ලන්නේ. උබ නිකන් මහජනයා වගේ මේ හැමදෙයින්ම තැලෙන්නේ උබයි"

පහුවදා උදේ ඇම්ඩගේ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම අහනවා
" උබ ඊයේ හොදට නිදා ගත්තද පුතේ"

එතකොට ඇම්ඩා කියනවා.
"කොහෙ නිදාගන්නද. මම දැක්කා මහ රෑ ආණ්ඩුපක්ෂේ විපක්ෂෙට පෙරලා පහර දෙනවා, වෘත්තිය සමිති තද නින්දේ ඒත් ජනතාව අවධියෙන්" කියලා

හොදම ඒවා