ගිරවා

ඔන්න ඇම්ඩා කසාද බැදලා අවුරුද්දක් විතර ගියාලු. මැන් ඉතින් කොහොමත් වලා නේ. මු වටේ ඉන්න ගෑණුන්ට ටොක් කරලා ගෙදර ගෑණිට මාට්ටු වුනාලු. දැන් ඉතින් ඇම්ඩගේ ගෑණි දික් කසාද නඩුවක් දාලා ඇම්ඩව ඩිවෝස් කලාලු. අන්තිමට ඇම්ඩාව ගෙදරිනුත් පැන්නුවලු. ඇම්ඩ ඉතින් පොරගෙ ඇදුම් ටිකත් පැක් කරන් පොරගේ හුරතලා ගිරවත් අරන් කුලියට ගෙයක් අරන් ඒකට ගියාලු.

ගෙදරට යනකොට ඒ ගාව තිබ්බ ගහක ගිරවියෙක් ඉන්නවා ඇම්ඩගෙ ගිරවා දැක්කලු. ගිරවා මේ ගිරවිට ඇහැක් ගහලා පොඩි ටෝක් පාරක් දාලා ගියාලු. පහුවදා උදේ ඇම්ඩා ගිරවව කූඩුවෙන් එලියට යැව්වලු. ගිරවා ගියා ගියාමයි හවස් වෙනකන් ආයේ ගෙදරට ආවෙ නැහැලු. ඇම්ඩා දැන් මූව පන දාගෙන හොයනවලු. එතකොට ඇම්ඩා දැක්කලු මුගෙ ගිරවා අර ගිරවිත් එක්ක ලව් කර කර ඉන්නවා. ඇම්ඩට දැන් මලලු. ඇම්ඩා ගිහින් ගිරවට දෙකක් දීලා කිව්වලු උබ ආයෙ එහෙම මේ ගිරවිත් එක්ක ගියොත් මම උබව බිත්තියට තියලා ඇන ගහනවා කියලා.

ඔන්න පහුවදාත් ඇම්ඩා මේ විදිහටම ගිරවා කූඩුවෙන් එළියට දැම්මලු. එදත් මේ ගිරවා අර ගිරවිත් එක්ක ලවු කර කර ඉන්නවලු. හවස් වෙනකන් ගෙදරට ආපු නැති නිසා ඇම්ඩා මූව හොයාගෙන අර ගිරවි ඉන්න තැනට ගියාලු. දැන් ඇම්ඩට හොදටම මල. ඇම්ඩා ගිරවව අල්ලලා පොලේ ගහලා හොම්බටත් ඇන්නලු. ඇම්ඩා ගහපු පාරක් තදට වැදිලා ගිරවට සිහි නැති වුනාලු. ඇම්ඩට තාමත් මල නිසා පොර ගිරව අල්ලා බිත්තියේ ඇන ගැහුවලු.


කොහොම හරි කලින් මේ ගෙදර ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි පොරක්ලු. ඒ නිසා උන් මේ ගෙදර ජේසුස් කුරුසෙ ගහල තියන ලොකු පින්තූරයක් බිත්තියේ ගහල තිබ්බලු.


ඔන්න ඉතින් ගිරවට පොඩ්ඩ පොඩ්ඩ සිහිය ආවලු. පොර හෙමීට ඔළුව උස්සනකොට දැක්කලු එහා පැත්තේ ජේසුස්ගේ පින්තූරය. ගිරවා කට කොනකින් හිනා වෙලා අර පින්තූරෙට කිව්වලු.


"ආ මචං! උබත් හොරෙන් කෙල්ලෙක් බලන්න ගිහින් අපේ ලොක්කට මාට්ටු උනාද ආ" කියලා


(මෙය කිසිදු ආගමකට අපහාස කිරීම උදෙසා දැමූ පොස්ටුවක් නොවේ, මෙය වෙනස් කලහොත් කතාවේ රසයට හානි වන නිසා මෙය ඉවත් කිරීමට සිදු නොවේ )

හොදම ඒවා